එදා වැහි දවසක්. ලෙක්චර්ස් ඉවර වෙද්දි හවස හතරයි. ගෙදර යන්නම ඕනෙ සති අන්තයක්. ඉතින් ඔන්න බැස්සා පාරට මොර සූරන වැස්සෙම. කොටුව වතුරෙන් යට වෙන්න ඔන්න මෙන්න. ප්‍රයිවෙට්, සී.ටී.බී. බස් පෝලිම් දැක්කම උණ ගැනෙණව.
කරන්න දෙයක් නෑ ස්ටේශන් එකට ගිහින් ගත්ත ටිකට් එකක්. 4.35ට නුවර යන සෙංකඩගල මැණිකේ බලාගෙන ඉන්නව. 'අපොයි' කියවුණා ඒකෙ සෙනඟ දකිද්දි. මොනා කරන්නද ඉතින් නැග්ග ඔනෙ කෙහෙල්මලක් කියල. කෝච්චිය විනාඩි 5ක් වගේ පරක්කු වෙල ඇද්දුව. මම හිටගෙන 3 වෙනි පංතියෙ (නෑ පඞක්තියේ) , මාර ආතල් ඉතින්.
පැය බාගයක් වගෙ යද්දි කෝච්චිය ගම්පහට කිට්ටු වෙලා. මම හිටන් හිටි තැන ළඟ සීට් එකේ කෙනෙක් නැගිටල සීට් එක දුන්න මගෙ එහාපැත්තෙ හිටන් ගිය කෙනෙක්ට. එයා, මට කිව්වා "වාඩිවෙන්න පුතා" කියල. මම එපා කියල පෙරැත්ත කරද්දිම මාව සීට් එකේ ඉන්දුවා. මේ මනුස්සය දිගටම හිටගෙන ගියා තව පැයක් විතර. වටේ ඉන්න හැමෝම සීට් එක දුන්නම, ඒ චාන්ස් එක වෙන කාට හරි දීල මෙයා හිටගෙන යනව. 'අමුතු චරිතයක් වෙන්න ඕනේ' කියල මට හිතුනා.
කොහොමෙන් කොහෙමෙන් හරි මේ සීට් මාරුව යනකොට මෙ මනුස්සයා මගේ ළඟම වාඩි උනා.
"පුතා කොහෙටද යන්නෙ?"
"නුවරට. පිළිමතලාවට"
"මොනවද කරන්නෙ?"
"කැම්පස්. කොළඹ."
.............
ඔහොම කතාව යන ගමන් මෙයා මගෙන් අහනවා.
"පුතා දන්නවද එම්.පී. කියන්නෙ කාටද කියල?"
මේ මොන බහුභූත ප්‍රශ්නයක්ද? ඕක ඉතින් මහලොකු දෙයක්යැ.
"මෙම්බර් ඔෆ් පාර්ලිමෙන්ට්..."
මෙන්න ඒ පාර මෙයා හිනාවෙනව.
"පුතා මේ කෝච්චියට අලුත් වගේ. එම්.පී. කියන්නෙ 'මළ පෙරේතයා' කියන එකට. මළ පෙරේතයො කියන්නෙ වෙන එකෙක්ට සීට් එකක් වත් දෙන්නෙ නැතුව අහක බලන් යන උන්ට..."
මට නිකන් හොල්මන් වගේ.
"පුතා, මිනිස්සු හැමෝම මේ වෙලවට මහන්සි වෙල එන්නෙ. ඉතින් අපි මනුස්සකමට වාඩිවෙන්න දෙන එක අපේ යුතුකමක්. මම මේකෙ ඉඳන් යන්නෙ බොහොම අඩුවෙන්. ඒක මට සතුටක් පුතා"
මට දැන්නම් ඇත්තතම හොල්මන්. පුදුම හිතුණා මෙහෙම මිනිස්සුත් අපි අතර ඉන්නව නේද කියල.
එයා අලවුවෙන් බැහැලා ගියේ මට ෆෝන් නම්බර් එකත් දීලා, ඔනේ වෙලාවක ලිපියක් එහෙම පලකරගන්න ඔනේ නම් කතාකරන්න කියලා. අහ්, එයා ලක්බිම පත්තරේ උප කතෘ කෙනෙක් කියල කියන්න බැරි උනාණෙ.
කෝච්චිය පිළිමතලාවට එද්දි 8ට විතර ඇති. එතනින් බැහල ගෙදර යන අතර මට මතක් උනේ වචන 3ක්;
"ඒක අපේ යුතුකමක්"
~~
එලකිරි මචෝ
ReplyDeleteඊලග දවසෙ ටිකක් පරිස්සමින් පලයන්. කෝකටත් නිදාගෙන යන්න එපා.
දන්න මනුස්සයෙක්ගෙ නොදන්න පැත්තක්.. ජී+ එෆ්.බී LIKE
ReplyDelete