Sunday, September 25, 2011

අපේ පිංකම්

මේ ළඟදී අපේ නෑදෑයො ටිකක් එකතු උනා විනෝද චාරිකවක් යන්න කතරගමට. මගේ නම් ඉතින් කැමැත්තක් තිබ්බෙ නෑ ඔය "වන්දනාවට", ඒත් ඉතින් කතරගම ගිහින් නැති හින්ද මාත් සැට් උනා වැඩේට. දැන් කට්ටියම උදේ පාන්දර වාහනේකින් ගමන යන්න පිටත් වුණා. එහෙ යද්දි ටිකක්  හවස් වුණා. කතරගම පුංචි හොටෙල් එකක නැවතුනා රෑ පූජාවට යන්න බලාගෙන. මාත් ඉතින් නා කියා ගෙන පොඩි නින්දක් දැම්මා.

හවස ඇහැරෙද්දි කට්ටිය පූජාවට බරටම වැඩ . පළතුරු වට්ටි, මල මාල, හඳුන්කූරු, කපුරු, etc. හැමතැනම. මාත් ඉතින් අලයා වෙන්න බැරි හින්ද සෙට් උනා වැඩේට. දැන් ඔක්කොම සූදානම්. ඉස්සෙල්ලම ගියේ කිරි වෙහෙර වඳින්න. ඒ වැඩේ අවුලක් නැතුව ගියා. ඊට පස්සෙ තමා හොඳම හරිය....

කතරගම "පුද බිමට" ඇතුල් වෙනකොටම තරු පෙනුණා ඉන්න සෙනඟ දැක්කම. අම්මෝ... "බැතිමත්තු" සේනාවක් අපමණ "භක්තියෙන්" පෝලිමේ. අඩුම ගානෙ රුපියල් 100ක් වත් පූජා වට්ටියෙ. ඒ මදිවට දෙපැත්තෙම එක එක "දේව මන්දිර". ඒවටත් මාර බිස්නස්. මටත් ඉතින් තියන්න උනා රුපියල් 100ක්. මෙතන තර්ක විතර්ක දාන්න ගියොත් "දේව උදහසට" අහුවෙනවානෙ!!!

පෝලිම හැබැයි ඉක්මණට යනවා. දෙයියො මාර ඉක්මනට "කන්නලව්" ප්‍රොසෙස් කරනවනෙ. කොහොමහරි පළතුරු වට්ටිය දුන්නම එකෙන් බාගයක් හම්බවුණා ආයෙ. මාර බඩගිනි. ඉවර කරා ඒකෙන් බාගයක්. ඊට පස්සෙ පොල් ගෙඩියකුත් ගහන්නලු. මොන කරුමයක්ද? ගැහුවා ඒකත්. දෙන් ඉතින් දුක් කරදර ඔක්කොම ඉවරයි. කත්තිය ප්‍රීති ප්‍රමෝදයෙන් ආයෙත් එන්න ආවා.

ඊට පස්සෙ දවසෙ අපි ගියා ආයෙත් කිරි වෙහෙරට කිරි ආහාර පූජාවකට. මඟුලයි!!! එතැනත් දෙයියෙක්. මහාසේන. ඒ ඉස්සර ඉඳපු වීර සෙන්පතියෙකුගෙ පිළිමයක්. මේ යක්කු ඒක රෙදි වලින් ඔතල මෙන්න පූජා කරනව. පඬුරු දහස් ගාණක් පූජා වෙනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු...

අපිට හිතන්න දේවල් ගොඩක් තියෙනවා. අපි රජ්ජුරුවන්ගෙ කාලේ ඉදන්ම මේවට රැවටුණා, තාමත් අපි ඒව පස්සෙ දුවනවා. අපි මහන්සියෙන් හම්බකරන සල්ලි ඒවට වියදම් කරනවා. අපේ දියුණුවට, අනිත් අයගෙ දියුණුවට මුකුත්ම කරන්නෙ නැතුව කොහෙවත් ඉන්න දෙවියො පස්සෙ දුවනවා. අපි පිංකම් කියල කියන්නෙ මේ වගේ බහුභූත වලට.

දෙයක් මතක් කරන්න බැරි උනා. අපි කතරගමට එන අතරමඟදී උඩවලව තියෙන, අනාථ වුණ අලි පැටවුන්ට කිරි දෙන තැනකට ගියා. එතැන අලි පැටවු 40කට වගේ කිරි දෙනව දවසකට 4 පාරක්. පිං කියන්නෙ මෙන්න මේවාට. දන්නවද එතැන ටිකට් එක කීයද කියලා? රු. 20යි.
දැන් හිතන්න... අපිට පේන, අපිට වැදගත් දෙයක් වෙනුවෙන් අපි වියදම් කරන්නෙ රු 20යි. ඒ වුණාට අපිට නොපෙනන, අපිට වැඩක් නැති දේකට අපි එ වගේ කීප ගුණයක් වුණත් වියදම් කරන්නෙ බොහොම සතුටින්.

හිතන්න....

4 comments:

  1. Amazing bro..I also Went to kgama week before u went.Same thing happened to me. even we couldnt get in to the main devala coz of the crowd. I was also thinking about the money flow there. If thos so called gods need money like this what the Buddhism is all about. ?? hmmmm.

    ReplyDelete
  2. 100% එකගයි..එත් ගොඩක් වෙලාවට ඔතන තියෙන්නෙ නොතේරුම් කමක් නෙමේ.හැමොම කරන නිසා කරන පින් කිරීමක්.තමන්ට දැනෙන පේන හැගෙන දෙට වඩා අනිත් අය අනුගමනය කරන්න යාම නිසා තමා එක වෙල තියෙන්නෙ.අත්තටම අපිට පුලුවන් නම් හිතට එකගව වැඩ කරන්න ගොඩක් දෙවල් අනාගතේවත් වෙනස් වෙවි...

    ReplyDelete
  3. මේක දැක්කම ඉතින් නොකිය ඉන්න බෑනෙ. මහසෙන් කියන්නෙ බන් සෙන්පතියෙක් නෙමේ. එයා මේ රටේ හිටපු රජ කෙනෙක්. කතරගම දෙවියො කියන්නෙත් එයාට තමා. පස්සෙ කාලෙක කකුල් 6 අත් 12 ඇදගත්ත නිසා කතරගම දෙවියො විරෑපී වුනා. ඒ ඇන්දෙත් හේතුවකට. මන් මුලින්ම කතරගම ගිය කාලෙ ඕය පිළිමෙට සුදු නෙළුම් මල් මාලා දාලා තිබ්බා විතරයි මට මතක. දැන් ඒකත් දේවාලෙ කරගෙනද? හපොයි!

    ReplyDelete
  4. නෑ මම හොයල බැලුවා. ඔය මහසෙන් රජ්ජුරුවෝ නෙවෙයි. "මහාසේන" කියල සෙන්පතියෙක්. එතන තිබ්බ පුවරුවක තමා මේ විස්තරේ තිබ්බෙ. තාම හැබැයි මල් මාල නම් දානවා හෝ ගාලා. :D

    ReplyDelete